
වික්ටෝරියානු පොදු පිහිනුම් තටාක භාවිත කරන්නන්ට යළිත් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එනම් පසුගිය වසරේ පොදු පිහිනුම් තටාක භාවිත කල වාර්තා ගත පිරිසකට දිලීරයක් ආසාධනය වීමත් සමගයි.
cryptosporidiosis නම් වූ ආසාදනය හේතුවෙන් සෞඛ්‍ය අංශ මෙලෙස දැනුම් දීමක් කර තිබෙනවා.

මෙම වසරේ ගතවූ සති තුනට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිප්ටොස්පොරිඩියෝසිස් නැමති ආසාදනය සහිත රෝගීන් 87ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාව වසර පහක සාමාන්‍යයට වඩා වැඩි වන අතර වසරින් වසර සියයට 233 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව සදහන්.

2024 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිලීර ආසාධිත රෝගීන් 2,349 ක් වාර්තා වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රාන්තයේ පොදු තටාක වල පිහිනුම් කරන්නන්ට දැනුම් දීමක් ද සිදුකර තිබෙනවා.
සති ගණනාවක් පවතින බඩේ කැක්කුම සහ පාචනය තත්වයන් මෙම රෝග ලක්ෂණ අතරට අයත්.
දුර්වල ප්‍රතිශක්තිකරන පද්ධතියක් ඇති පුද්ගලයින් දිගුකාලීන රෝගාබාධවලටද මුහුණ දෙන බවයි අනාවරණය වන්නේ.