
Australia Day සමගාමී දිගු සති අන්තයේ උණුසුම් කාළගුණික තත්ත්වයන් පුරෝකථනය කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි බව අනාවරණය වී තිබෙනවා.
ලබන සඳුදා දින මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉක්මවිය හැකි බව සදහන්.
තවද මේ හේතුවෙන් නැවත වරක් වික්ටෝරියා හි ලැව්ගිනි ඇති වේ යන්න අනාවැකි පල කරනවා.

සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති හෙයින් මෙම සති අන්තය බොහෝ දෙනෙක් විවිධ එළිමහන් උත්සව සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පවතින අධික උෂ්ණත්වය සමග සෘජුව හිරු එළියට නිරාවරණය නොවන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

විශේෂයෙන් සදුදා දින වික්ටෝරියා හි පවතින අධික වියළි කාළගුණික තත්වය හමුවේ ලැව්ගිනි ඇති වීමේ අවධානම ඉහළ යන බැවින් එම ලැව්ගිනි පාලනයෙන් තොරවිය හැකි බව සදහන්.