Search

Long Weekend හිදී වික්ටෝරියා රථ වාහන දැඩි පරික්ෂාවකට

ඔස්ට්‍රේලියාවේ දීර්ඝ සති අන්තයේ රථවාහන පරීක්ෂණ මෙහෙයුම් සිදුකිරීමට වික්ටෝරියා පොලීසිය සූදානම් වනවා.

දිගු සති අන්තයද පාසල් නිවාඩුවේ අවසාන සතිය සමග ප්‍රාන්ත ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ගවල රථවාහන තදබදයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

එහෙයින් රථවාහන පැදවීමේදී ඉවසීමෙන්ද වේගය පාලනය කරමින් ධාවනය කරන ලෙස වික්ටෝරියා පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම දිනයන්වල වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඇති වෙරළබඩ සහ විනෝද ජනක ස්ථානවලට පිවිසෙන ප්‍රධාන මාර්ගවලත් අධි අවධානම් ප්‍රදේශවලත් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් ඉලක්ක කරමින් පුළුල් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද පොලීසිය සඳහන්කළා.

පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම්වලදී රථවාහන වැරදි 5200 කට අධික සංඛ්‍යාවක් සහ වැඩි වේගයෙන් ධාවනය වන වැරදි 2261 ක් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍ය පරීක්ෂණ 80000 (අසූ දහසකට) ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇති අතර බීමත් රියදුරන් 154 ක් සහ මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 121 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »