Search

ඔස්ට්‍රේලියාවේ ගැබිණි මව්වරුන් අතර දියවැඩියාව සීඝ්‍රයෙන් ඉහළට

ගර්භණී මව්වරුන්ගෙන් දියවැඩියා අනුපාතය සියයට 70 කින් ඉහළ ගොස් ඇතැයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසනවා.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අග්නිදිග ආසියාවේ උපත ලැබූ කාන්තාවන්ගේ ගර්භණී දියවැඩියා තත්වය සියයට 12.2 සිට 22.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියාසිටින්නේ.

ගර්භනී සමයේ පවතින දියවැඩියා තත්වය හේතුවෙන් උපදින දරුවන් තරබාරුවීම හා ඒ හේතුවෙන් ප්‍රසූතියේදී දරුවාගේ උපත දුෂ්කර වන බවයි  ඔස්ට්‍රේලියා ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ඩේවිඩ් සිමන්ස් සඳහන් කළේ.

එමෙන්ම නොමේරූ දරු උපත් වැනි සංකූලතා ද ඇති විය හැකි බව ඔහු පෙන්වාදෙනවා.

අස්වාභාවික පිපාසය, නිතර නිතර මුත්‍ර පිටවීම, මහන්සිය, පෙනීමේ සංකූලතා සහ මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන දියවැඩියා තත්වයකදී ඇති වන රෝග ලක්ෂණ වනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම, ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම, දුම්පානය වැනි පුරුදු අත්හැරීම සහ වෛද්‍ය උපදෙස් මත ලබාදෙන දියවැඩියා ඖෂධ නිසියාකාරව ලබාගැනීම මගින් නීරෝගී දරුවෙකු බිහිකිරීමට ඔවුන්ට හැකියාව පවතිනු ඇතැයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »