Search

පොදු ප්‍රවාහනයේදී මෙල්බන් පරදා සිඩ්නි ඉහළටම යයි

tramp

පොදු ප්‍රවාහන සේවයේ ශ්‍රේණිගත කිරීමකට අනුව මෙල්බර්න් සිඩ්නි නගරයට වඩා පහළින් සිටින බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

ට්රෑම් රථ වැනි ලෝකයේ විශාලතම සැහැල්ලු දුම්රිය ධාවනයට හිමිකම් කියූ මෙල්බන් නගරයේ පොදු ප්‍රවාහන පද්ධතිය සැලකිය යුතු කඩාවැටීමකට ලක්ව ඇති බවයි එම පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.

සිඩ්නි, මෙල්බන්, බ්රිස්බේන් ඇඩිලේඩ් සහ පර්ත් යන ප්‍රදේශවල වැසියන්ගෙන් සියයට 50 කට පමණ පොදු ප්‍රවාහනයට ලගාවීම දුෂ්කර බවයි පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ.

සංගණන දත්තවලට අනුව මෙලබන්හි රැකියාවල නියුතුවූවන්ගෙන් සියයට 70 ක් පමණ පොදු ප්‍රවාහන වෙනුවට තම පෞද්ගලික මෝටර් රථ භාවිතා කරන බවට හෙළිව ඇති අතර ඔවුන් පෙන්වාදෙන්නේ සෑම නගරයකම මිනිත්තු 15 කට වරක් උදෑසන 7 සිට සවස 7 දක්වා පොදු ප්‍රවාහන සේවාවක් පැවතිය යුතු බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහනයට ලගාවිය හැකි කළාප නිර්මාණය කර පෞද්ගලික ප්‍රවාහනයට වඩා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කිරීමටයි මෙල්බන් බලධාරීන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම මෙල්බන්හි බස් සේවා ජාලය වැඩිදියුණු කිරීම Suburban Rail Loop වැනි අනාගත දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමද ඔවුන්ගේ නව ව්‍යාපෘතිවලට ඇතුලත් වනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »