
2024 වසරේදී ගෝලීය නරඹන්නන්ගෙන් වැඩි ආකර්ෂණයක් වික්ටෝරියාවට හිමිව තිබෙනවා.
ලොව ප්‍රධාන පෙළේ ගෝලීය සංචාරක හා ක්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වෙන වික්ටෝරියා ප්‍රාන්තයට ඉන්දීය සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
වික්ටෝරියාහි ඇති ජාත්‍යන්තර මට්ටමේ කළාවන්, ආහාර පාන සහ ත්‍රාසජනක ක්‍රීඩා ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති බව ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම පසුගිය වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 2 ක ඉක්මවන බවත් ඉන්දියානු සංචාරකයින්ගේ වියදම පෙර වසරට සාපේක්ෂව සියයට 31 කින් ඉහල ගොස් ඇති බවද ඔවුන් පෙන්වාදෙනවා.
විසිට් වික්ටෝරියාහි අධ්‍යක්ෂකවරයා කියාසිටින්නේ බොක්සිං ඩේ සහ ප්‍රෝ කබඩි ලීග් තරගාවලි සඳහා විශාල නරඹන්නන් පිරිසක් පැමිණීම ද වික්ටෝරියාහි ආකර්ෂණයට හේතුවූ බවයි.

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ටෙස්ට් ප්‍රෙක්ෂකාගාරය සනිටුහන් කළ අතර එහිදී ප්‍රේක්ෂකයින් තුන් ලක්ෂ හැත්ත තුන් දහසකට අධික පිරිසක් පැමිණ සිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.