
ඔස්ට්‍රේලියාව තුළ පවතින කුඩා පරිමාණ ව්‍යාපාර සේවකයන් ගැටළුවලින් පීඩා විදින බවට නවතම අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසින් වීම ද විශේෂත්වයක්.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 12 ක කාල සීමාව තුළ දී කැෆේ, බාර් සහ අවන්හල් ඇතුලු කුඩා ව්‍යාපාරවල සේවය කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 8.1% කින් පහත වැටී ඇති බවයි එම දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ ඔස්ට්‍රේලියානු විශාල හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල සේවක සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම ද විශේෂත්වයක්.
ඒ යටතේ සේවකයන් 20 සිට 199 දක්වා සේවය කරන ව්‍යාපාරවල පවතින රැකියා ප්‍රමාණය 7.1% කින් වර්ධනය වී තිබෙනවා.

සේවකයින් 200 කට වඩා සේවය කරන ව්‍යාපාරවල ද පවතින රැකියා ප්‍රමාණය 6.3% කින් පමණ ඉහළ ගොස් තිබීම ද කැපී පෙනෙනවා.
නමුත් සේවකයින් 20 කට අඩු සංඛ්‍යාවක් සේවය කරන කුඩා පරිමාණ ව්‍යාපාර සේවක ගැටළු හේතුවෙන් පීඩා විදින බව ද මෙම දත්ත වාර්තාව ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.