Search

මෙල්බර්න් අප-ජලයෙන් අනපේක්ෂිත ලෙස කොරෝනා වෛරස් කොටස් හමුවෙයි

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ රැසක අප ජලයේ තිබී නැවතත් කොවිඩ් වෛරස් කොටස් හමුවී තිබෙනවා.

ඒ අනුව පහත දැක්වෙන දිනවල අදාළ ප්‍රදේශවල ඔබ සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමු වන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

ඊයේ (බ්‍රහස්පතින්දා) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 05 ක්.

ඔවුන් 05 දෙනාම විදේශයන් හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වනවා.

දින 50 ක සිට ප්‍රාන්තයෙන් මේ දක්වා කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් සටහන්වී නැහැ.