Search

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද යළිත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (24) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 193 යි ශත 23 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 184 යි ශත 01 ක් ලෙසයි.

අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 303යි ශත 10 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 294 යි ශත 41ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර මේ වන විට සුළු ඉහළ යැමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 318.18වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 305.67 ක් ලෙසයි.

 

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »