
ක්වින්ස්ලන්ඩ් හි Cunningham Highway මාර්ගයේ සිදු වු බිහිසිනු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මේ වන විට ඒම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
කන්ටේනර් රථයක් සහ මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඇතුලු තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන්.
මේ වන විට එම අධිවේගී මාර්ගය වසා දමා ඇති අතර එම අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග සොයා ගන්නා ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.
