Search

කුඩා ළමුන් අතර ජනප්‍රිය Digital Tab උපාංගයක් වහාම යළි කැඳවයි

කෝල්ස් සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ලද ළමා චිත්‍ර  ඇඳීම සදහා භාවිත කල ඩිජිටල් Tab උපකරණයක්

“දරුණු හෝ මාරාන්තික තුවාල” ඇති වේ යන බිය හේතුවෙන් යළි කැඳවා තිබෙනවා.

මෙලෙස කැදවා ඇත්තේ The VTronix digital drawing tablet නැමති උපාංගයයි.

මෙම ටැබ් උපාංගය රෝස සහ නිල් පැහැයෙන් කෝල්ස් වෙළදසැල් හි අලෙවි කර තිබුණා.

2024 දෙසැම්බර් 30 සිට මේ වසරේ ජනවාරි 10 දක්වා කෝල්ස් වෙළදසැල් හි අලෙවි කර ඇති මෙම උපාංගයේ බැටරිය ආරක්ෂිත පිහිටා නොතිබීම හේතුවෙන් මෙලෙස කැදවීමට පියවර ගත් බවයි දැනුම් දී ඇත්තේ.

බැටරිය ආරක්‍ෂාකාරිව පිහිටා නොතිබිමෙන් කුඩා දරුවන්ට උහසුවෙන් ඒ වෙත ප්‍රවේශ විය හැකි බව Safety Australia විසින් පෙන්වා දි තිබෙනවා.

එම බැටරි නොදැනුවත්ව ළමුන් ගිල දැමීමෙන් කුඩා දරුවන්ට හුස්ම හිරවීම, දරුණු අභ්‍යන්තර පිළිස්සුම් තුවාල හෝ මරණයට පත්විය හැකි බව සදහන්.

මේ වන විටත් එම භාණ්ඩ මිලදීගත් පාරිභෝගිකයින් වහාම එම භාණ්ඩ භාවිතය නැවැත්විය යුතු අතර, භාණ්ඩය මිලදී ගත් ස්ථානයට එය ලබා දී ආපසු මුදල් ලබා ගන්නා ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.