Search

Long Weekend එකට මෙල්බන් ගුවන්තොටුපලේ ගුවන් ගමන් ප්‍රමාදයක්

Australia Day සමගාමී දිගු සති අන්තයට ගුවන් ගමන් වෙන් කරවා ගත් ඔස්ට්‍රේලියානුවන්ට ගුවන්තොටුපල ප්‍රමාදයන් ගැන අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  සිඩ්නි, බ්‍රිස්බන් සහ මෙල්බන් යන ගුවන් තොටුපලවල ප්‍රමාධයන් සිදුවනු ඇතැයි සදහන්.

වැටුප් කොන්දේසි කිහිපයක් මුල්කරගනිමින් ගුවන් තොටුපල Ground සේවකයින් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙම තත්වය හටගෙන තිබුණා.

ගුවන් සේවා සමාගමක් වන Dnata විසින් කුලී පදනමට ගත් සේවකයින්ගේ වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් දිගු කළක සිට ආරම්භ වූ ආරවුල් මත මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

වෘත්තීය ක්‍රියාමාර්ග වල නියුතු සේවකයින් සිඩ්නි, බ්‍රිස්බන් සහ මෙල්බන් ගුවන් තොටුපලවල අද පැය හතරක් රැකියාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් Qantas අභ්‍යන්තර සේවාවන්ට ඉන් බලපෑමක් නොවන බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන සේවක සංගමයේ ජාතික ලේකම් මයිකල් කේන් අද උදෑසන පැවසුවේ මේ හේතුවෙන් සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බන් ගුවන්තොටුපල කටයුතු රැසකට බාධා මතුවන අතර  ගුවන් ගමන් ප්‍රමාදයන් ද ඇති වන බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »