
ඔස්ට්‍රේලියානු ළමුන් අතර පෙනීමේ ගැටළු සීඝ්‍රයෙන් ඉහළ යන බව නවතම දත්ත වාර්තාවකින් අනාවරණය
වී තිබෙනවා.
කුඩා ළමුන් වැඩි කාලයක් ඩිජිටල් තිර මත කාලය ගතකිරීම මීට හේතුව බවයි එම වාර්තා මගින් අනාවරණය වන්නේ.
නව පාසල් වසර ආරම්භ කිරීමට පෙර තම දරුවන්ගේ අක්ෂි පරීක්ෂණ සිදු කරන ලෙසයි අක්ෂි වෛද්‍යවරුන් දෙමාපියන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

පාසැල් යැවීමට පෙර ඔබේ දරුවාට පහසුවෙන් කියවිය හැකි හෝ පුවරුව පහසුවෙන් කියවා ගැනීමට හැකිදැයි අවදානය යොමු කරන ලෙස දෙමාපියන්ට වැඩිදුරටත් දන්වා තිබෙනවා.
ලග පෙනීමේ දෘෂ්ටි ආභාධයක් වන Myopia නැමති රෝගි තත්වයෙන් ඔස්ට්‍රේලියානු ළමුන්ගෙන් සියයට 27ක් පමණ පීඩා විදින බවයි නවතම වාර්තා අනුව හදුනාගෙන ඇත්තේ.

Myopia තත්වයට ජංගම දුරකතන වඩාත් භායානක උපාංගයක් ලෙසයි ආදහන් කර ඇත්තේ.
මන්ද ඇසය ආසන්නයට ගෙන දුරකතනය නැරඹීමෙන් මෙම තත්වය තවත් නරක අතර හැරෙන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ස්වභාවික හිරු එළිය මෙන් නොව ඩිජිටල් තිර වලින් නිකුත්වන ආලෝකය කුඩා දරුවන්ගේ ඇසට වඩාත් බලපෑම් සහගත වන බවයි වාර්තා වන්නේ.