Search

රටවල් 150ක සංක්‍රමණිකයින් මෙවර ඔස්ට්‍රේලියා පුරවැසිභාව සදහා සූදානම්

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව නිල වශයෙන් ලබා දීම ආරම්භ වු දා සිට මිලියන 6කට අධික පිරිසකට මේ වන විට පුරවැසිභාව ලබා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

මෙවර ඔස්ට්‍රේලියා පුරවැසිභාව ලබා දෙන උත්සව 380ක් පමණ රටපුරා පැවැත්වීමට නියමිත අතර රටවල් 150ක් පමණ නියෝජනය කරන සංක්‍රමණිකයින් මෙවර පුරවැසිභාව ලබා ගැනීමට සුදානම් වනවා.

ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියා පුරවැසිභාවය පිරිනැමීම සඳහා සංක්‍රමණිකයින් 20600කට පමණ මේ වන විට ආරාධකා පත්‍ර යවා ඇති බව සඳහන්.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ 2025 වසරේ Local Hero තේරීම් ද මේවන විට ප්‍රාන්ත මට්ටමින් ආරම්භ කර ඇති අතර එහි ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න
ජනවාරි 25 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නිල පුරවැසිභාවය පිරිනැමෙන උත්සවය කැන්බරා හි පැවැත්වෙන අතර, ඊට සමගාමීව ජාතික ධජය එසවීම අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් සිදුකරනු ලබනවා.

ඒ Rond Terrace හිදීයි.

අග්‍රාමාත්‍යවරයා එහි ප්‍රධාන අමුත්තා වන අතර මැති ඇමතිවරු රැසක් එම උත්සව සදහා සහභාගි වනු ඇති.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »