
ඔස්ට්‍රේලියානු දිනයේදී මෙල්බන් නගරය පුරා විශාල ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එදින පැවැත්වෙන විවිධ සැමරු උත්සව වලට ගරු කරන ලෙස අගමැතිනි ජසින්ටා ඇලන් වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනවාරි 26 වන දින පාර්ලිමේන්තු මන්දිරය අවට පැවැත්වෙන නොයෙක් රැලි සදහා දස දහස් සංඛ්‍යාත ජනතාවක් වික්ටෝරියා නගර මධ්‍යයට වාර්තා කරනු ඇතැයි සදහන්.
එසේම Australia Open ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයද එදිනට පැවැත්වෙන අතර ජාත්‍යන්තර තුළම වික්ටෝරියා වෙත අවදානය යොමුව ඇති බවයි අගමැතිවරිය සදහන් කළේ.
පෙළපාලී සහ විරෝධතා වලින් Australia Open තරගයට කිසිදු බලපෑමක් සිදු නොවිය සුදු බව එහි වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ලෝකයේ විශාලතම ටෙනිස් අවසන් තරගය නැරඹීම සදහා ලොව වටා ටෙනිස් ලෝලීන්ද මෙවර මෙල්බන් වෙත පැමිණෙන අතර කොළහාල වලින් තොර සහයෝගයෙන් කටයුතු කරන ලෙස අගමැති ඇලන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ආරක්ෂාවට පොලිසිය, පාපැදි මුර සංචාරය, මහජන ආරක්ෂක ප්‍රතිචාර කණ්ඩායම්, සංක්‍රමණ පොලිසිය සහ අධිවේගී මාර්ග මුර සංචාර ද එදිනට යොදවා ඇති බව සදහන්.
