
ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට හුරු වී තිබෙනවා.
මෙවැනි පසුබිමක් තුළ Australia Post විසින් පෙන්වා දෙන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පමණක් සෑම මිනිත්තුවකම ඔවුන් පාර්සල් 2800 ක ප්‍රමාණයක් බෙදා හැර තිබෙන බවයි.
පසුගිය වසරේ අවසන් මාස දෙක තුළ පාර්සල් මිලියන 103 කට අධික ප්‍රමාණයක් Australia Post විසින් බෙදා හැර තිබීම ද කැපී පෙනෙනවා.

නවතම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානු පවුල් (Households) මිලියන 7.8 ක් අවම වශයෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ එක් භාණ්ඩයක් හෝ මිලදී ගෙන තිබෙන බවයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Mackay සහ Toowoomba මෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ Point Coook යන ප්‍රදේශ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීම වැඩි වශයෙන් සිදු කළ අර්ධ නාගරික කලාප (Suburbs) බවට පත්ව තිබීම ද විශේෂත්වයක්.

මෙලෙස භාණ්ඩ මිලදී ගැනීමේ දී Health and Wellness කාණ්ඩය පාරිභෝගික ප්‍රජාවගේ විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.