
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 192 යි ශත 28 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 182 යි ශත 81 ක් ලෙසයි.

අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 303යි ශත 24 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 294 යි ශත 46ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර මේ වන විට සුළු ඉහළ යැමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 317.23වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 304.76 ක් ලෙසයි.