Search

ඔස්ට්‍රේලියාවේ වටිනාම Brands යළිත් අලුත් වෙයි

මෙම වර්ෂයේ ඔස්ට්‍රේලියාව තුළ පවතින වටිනාම වෙළද සන්නාමයන් පිළිබදව නවතම අධ්‍යයනයක් සිදුකර තිබෙනවා.

ඒ Brand Finance ආයතනය විසින් බවයි දැක්වෙන්නේ.

ඒ අනුව 2025 වර්ෂයේ ඔස්ට්‍රේලියාව තුළ පවතින වටිනාම වෙළද සන්නාමය බවට පත්ව ඇත්තේ Commonwealth බැංකුවයි.

එහි වටිනාකම ඩොලර් බිලියන 15.7 ක් වීම ද විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීමේ දී දෙවන ස්ථානය හිමිව තිබෙන Woolworths වෙළද සන්නාමයේ වටිනාකම ඩොලර් බිලියන 12.7 ක් බවයි පැවසෙන්නේ.

ඩොලර් බිලියන 12.1 ක වටිනාකමක් සහිත Telstra වෙත හිමිව ඇත්තේ මෙහි තුන් වන ස්ථානයයි.

ශ්‍රේණිගත කිරීමේ දී ANZ සහ Coles වෙත පිළිවෙලින් සිව් වන සහ පස් වන ස්ථානය ලැබී තිබෙනවා.

NAB, BHP, Bunnings, Macquarie Bank සහ Atlassian Corporation යන වෙළද සන්නාම වෙත පිළිවෙලින් මෙහි සෙසු ස්ථාන හිමිව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »