
තායිලන්තයේ සමලිංගික විවාහ නීතිගත වීමත් සමඟ රට පුරා සමලිංගික යුවළ දහසකට වැඩි පිරිසක් අද විවාහ වීම ආරම්භ කර තිබෙනවා.
බැංකොක් මධ්‍යම ප්‍රදේශයේ සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක මෙම විවාහ සිදුවෙමින් පවතින අතර එහිදී ජෝඩු 180 කට වැඩි පිරිසක් අද විවාහ වනු ඇති.
“කඳුළුවලින් පිරුණු දිගු සටනක්” ලෙස නම් කර ඇති ව්‍යාපෘතිය අඛණ්ඩ අරගලයකින් පසුව අද (23) සිට මෙම නීතිය තායිලන්තයේ ක්‍රියාත්මක වනවා.

සමලිංගික යුවළයන්ට දැන් අනෙකුත් යුවළ හා සමාන අයිතිවාසිකම් ඇති අතර වත්කම් කළමනාකරණය කිරීමට, උරුම කර ගැනීමට, දරුකමට හදා ගැනීමට සහ තම සහකරුගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව තීරණ ගැනීමට හැකියාව පවතිනවා.
නමුත් ක්‍රියාකාරීන් පවසන්නේ තවමත් බොහෝ නීති ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ නොවන නිසා ඔවුන් තවත් වෙනස්කම් සඳහා සටන් කරන බවයි.
