
ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.
Orygen හි විධායක අධ්‍යක්ෂක පැට් මැක්ගොරි විසින් අවධාරණය කර ඇත්තේ මානසික සෞඛ්‍යය පිරිහීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවන් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටින බවයි.
මෙවැනි පසුබිමක් තුළ මානසික සෞඛ්‍යය පිරිහීම හේතුවෙන් ප්‍රතිකාර අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානුවගේ වර්ධනයක් ද පෙන්නුම් කෙරෙන බවයි පැවසෙන්නේ.

ඇතැම් ප්‍රාන්තවල මනෝ චිකිත්සකයන් සේවයෙන් ඉවත් වීමට පවා සැලසුම් කරමින් සිටීම ද සදහන්.
ඉකුත් දා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ රෝහලේ සේවයේ නියුතු මනෝ චිකිත්සකයින් රෝහල් සේවයෙන් ඉවත් වීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ප්‍රකාශ කර තිබුණා.

ස්ථාන මාරු සම්බන්ධ ගැටළු, ප්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණෙන රෝගීන්ගේ ඉහළ යෑම සහ වැටුප් විෂමතා ඒ සදහා බලපා තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.
මේ හේතුවෙන් ඉදිරියේ දී සිඩ්නි නගරය පුරා රෝහල්වල මානසික ප්‍රතිකාර වාට්ටු රැසක ක්‍රියාකාරීත්වය අඩපණ වීමේ අවදානමක් පවතින බව ද වැඩිදුරටත් සදහන්.