Search

ඔස්ටේ්‍රලියා සෙබලුනුත් සැප්තැම්බරයේදී ඇෆ්ඝන් මෙහෙයුම් අත හරී

ලබන සැප්තැම්බර් මාසය වනවිට ඇෆ්ඝනිස්ථානයෙන් ඉතුරු සෙබලුන් සංඛ්‍යාවද ඉවත් කරගන්නා බවට අගමැති ස්කොට් මොරිසන් තහවුරු කර තිබෙනවා.

අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින්ද එම වකවානුවේ ඇෆ්ඝන් මෙහෙයුම්වලින් ඉවත් වන බවයි මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ.

2020 වසරේදී ප්‍රකාශයට පත්කල ආරක්ෂක මූලෝපායන් සැළැස්මට අනුව මෙම ඉවත් කරගැනීම සිදුවන බව ඔස්ටේ්‍රලියා අගමැතිවරයා කියාසිටියා.

ඔස්ටේ‍රලියාව – අමෙරිකාව ප්‍රමුඛ භට කණ්ඩායම් ඇෆ්ඝනිස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කලේ 2001 වසරේදීයි.

ඒ තලේබාන් සංවිධානයට එරෙහිවයි.

මේ අනුව 20 වසරක් පැවති මෙහෙයුම් නිමාවකට පත්වනවා.

කෙසේවෙතත් දැනට ඇෆ්ඝනිස්ථානය තුළ සිටින්නේ ඔස්ටේ‍රලියානු සෙබලුන් 80 දෙනෙකු පමණයි.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »