Search

U19 කාන්තා T20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අපරාජිතව D කාණ්ඩයේ පෙරමුණට

වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ 20 වන තරගය ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර ඊයේ (22) පැවැත් වුණා.

Bangi හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 139 ක් රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

ඔස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් Caoimhe Bray ලකුණු 41 ක් ද Eleanor Larosa ලකුණු 31 ක් එක් කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

ලකුණු 140 ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 56 ක් පමණයි.

ඒ අනුව එම තරගයෙන් ලකුණු 83 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් ව ඇත්තේ ද ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »