
නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
කාලගුණ විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ බ්‍රිස්බන් හි පදිංචිකරුවන්ට සෙල්සියස් අංශක 36 ඉක්මවූ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරන බවයි.
කෙසේවෙතත් ක්වින්ස්ලන්ඩ් හි නැගනෙහිර ප්‍රදේශ වලට මෙම සතිඅන්තයේ උෂ්ණත්වය අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ වැඩිදුරටත් පෙන්වාදෙනවා.

එමෙන්ම නිව්සවුත්වේල්ස් හරහා හානිකර සුළි සුළං අනතුරු ඇඟවීමක්ද නිකුත්කර ඇති බවයි ඔවුන් පවසන්නේ.
පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර සුළගේ වේගයක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

උෂ්ණ අධික දිනයන් හි හැකි තාක් ජලය පානය කරන ලෙස ජනතාවට උපදෙස් දෙන අතර උණුසුම් කාලගුණයන් වලදී වෙහෙසකර ක්‍රියාකාරකම් සහ ව්‍යයාම්වලින් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.