
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක් වන සිඩ්නි සහ මෙල්බන් හි ජනගහනයට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම් සම්බන්ධ නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අධ්‍යනය පසුගිය 2024 දත්ත හා සන්සන්දනය කරමින් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව 2024 අවසන් වන විට මෙල්බන් හි ජනගහනය 5,031,195ක් (පනස් ලක්ෂ තිස් එක්දහස් එකසිය අනු පහ) ඊට සාපේක්ෂව සිඩ්නි හි ජනගහනය 5,297,089ක් වනවා.

කෙසේ වෙතත් සිඩ්නි වලට සාපේක්ෂව මෙල්බන් හි ජනගහන වර්ධනය සියයට 1.1ක් බව සදහන්.
තවද මෙල්බන් හි මධ්‍යස්ථ සතිපතා ආදායම ඩොලර් 841ක් වන අතර සිඩ්නිහි මධ්‍යස්ථ සතිපතා ආදායම

සටහන්ව ඇත්තේ ඩොලර් 881ක් ලෙසයි.
මෙල්බන් හි Median weekly rent අගය සටහන්ව ඇත්තේ ඩොලර් 390ක් ලෙස වන අතර සිඩ්නි හි එය සටහන්ව ඇත්තේ ඩොලර් 470ක් ලෙස වීම ද විශේෂත්වයක්.
තවද එම ප්‍රධාන නගරයන් හි පවුල් ඒකක තුල ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාවිත කරන අගය අනුව මෙල්බන් නගරයේ පවුල් ඒකක වලින් සියයට 38ක් වෙනත් භාෂා කතා කරන බව සදහන්.
සිඩ්නිහි එම අගය සටහන් ව ඇත්තේ සියයට 42ක් ලෙසයි.