
වික්ටෝරියා ප්‍රාන්ත මාර්ග පද්ධතිය පවතින ගැටළුකාරී තත්වයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් වෙත විවේචන රැසක් එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වර්ෂයේ දී ප්‍රාන්තයේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම වෙනුවෙන් දැනටමත් විශාල ආයෝජනයන් සිදු කර තිබෙන බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දී ඇත්තේ.
එම නවීකරණ කටයුතු සදහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් 2024 – 2025 අයවැයෙන් ඩොලර් මිලියන 964 ක මුදලක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව වෙන් කර ඇති මුදල් ප්‍රමාණය 25% කින් වැඩි කර තිබෙන බවයි දැක්වෙන්නේ.
මේ අතර ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තුමේන්තු දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල ඇති මාර්ග අලුත්වැඩියා කිරීමේ කටයුතු 95% කින් පමණ පහත වැටී තිබුණු බවයි.

ඉදිරියේ දී මෙම තත්වය ඔස්සේ මාර්ග පද්ධතිය තුළ තවත් ගැටළු රැසක් උද්ගත විය හැකි බව ද වැඩිදුරටත් සදහන්.