Search

මෙවර Australia Day හීදී Citizenship ලැබෙන අයට විශේෂ දැනුම් දීමක්

Australia Day සමගාමීව සංක්‍රමණිකයින් රැසකට මෙරට පුරවැසිභාවය හිමිවීමට නියමිතව තිබෙනවා.

මෙවර ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාව ලබාගැනීමට තේරි පත්ව ඇති පිරිස් සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කර තිබුණා.

ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් පිළිගනු ලැබුව හොත් ඔබට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ හැකියාව හිමිවනු ඇති.

ඔබ මෙවර පැවැත්වෙන Citizenship ceremony සදහා සුදුසුකම් ලබන්නේ නම් ඔබේ ප්‍රාදේශීය සභාවෙන් හෝ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් උත්සවයට සති 4 කට පෙර අදාළ ආරාධනා ලිපිය එවීම සිදු කරනවා.

උත්සවය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය එම ලිපියේ දැක්වෙනු ඇති.

ඔබ එහිදි ඔස්ට්‍රේලියානු ප්‍රතිඥාව ලබා දෙන තුරු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන බවයි දැනුම් දී ඇත්තේ.

Citizenship ceremony සදහා ස්ථාන සීමිත බැවින් නිසි සුදුසුකම් සපුරා තිබුණ ද ඒ සදහා ආරාධනා පත්‍රයක් මාස 12ක් යන තෙක් නොලැබුණ හොත් ඒ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස සංක්‍රමණිකයින්ට දැනුම් දෙනවා.

Citizenship ceremony සදහා සුදුසුකම් ලැබුවන්ට තම හිතවතෙකු ද මේ සදහා රැගෙන යා හැකි අතර එම තොරතුරු ආරාධනා පත්‍රයේ සදහන් කර තිබෙනවා.

මෙම උත්සවය අවම වශයෙන් පැය දෙකක් පවත්වනු ලබනවා.

තවද එදිනට සුදුසුකම් ලැබුවන් ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය,විදේශ ගමන් බලපත්‍රය හෝ ඡායාරූපයක් සහිත නිල ලේඛනයක් රැගෙන ඒම අනිවාර්යයයි.

ඔබගේ ලේඛන ඉංග්‍රීසියෙන් නොමැති නම් ඒ සදහා නිල පරිවර්තන සැපයිම අනිවාර්ය වනවා.

තවද ඔබේ ඔබේ නම සහ ලිපිනය පෙන්වන ආකරයේ ලේඛන 3ක්වත් රැගෙන එන ලෙස උපදෙස් දෙන අතර bank statements, utility bills සහ credit card statements රැගෙන එන ලෙසයි එහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »