
එළඹෙන සති අන්තයේ මෙල්බන් හි කාලගුණික තත්වය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ විශේෂ අවධානයක් යොමු ව තිබෙනවා.
ඒ Australian Open ටෙනිස් තරගාවලියේ පිරිමි සහ කාන්තා කේවල අවසන් මහා තරග එම දිනයන් හි පැවැත්වීමට සැලසුම් කර තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ජනවාරි 25 සෙනසුරාදා දිනයේ දී මෙල්බන් පාර්ක් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සීමාවට ළගා විය හැකියි.

කෙසේ වෙතත් මෙල්බන් වේලාවෙන් එදින රාත්‍රී 7.30 ට ආරම්භ වන කාන්තා අවසන් මහා තරගය වන විට එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 පමණ විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.
පිරිමි කේවල අවසන් තරගය ජනවාරි 26 වනදා පැවැත්වීමට නියමිත අතර එදින වාර්තා විය හැකි ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 වන බවට කාලගුණ අනාවැකි පළ වී තිබෙනවා.

මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7.30 ට තරගය ආරම්භ වන විට මෙම උෂ්ණාධික තත්වය අඩු වනු ඇති බව ද එහි වැඩිදුරටත් සදහන්.