
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත කාන්තා අළු බදුන (Ashes) ටෙස්ට් තරගය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
තරගය ජනවාරි 30 වනදා MCG හීදී ආරම්භ වීමට නියමිතයි.
එම අවස්ථාව සදහා කලක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ශෂිකලා සිරිවර්ධන ද සහභාගී වන බවටයි වාර්තා වන්නේ.

ඊට අමතරව BBL තරගාවලිය සදහා ක්‍රීඩා කරන රුවන්ත කැල්ලේපොත ඇතුලු මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
එදිනට මෙල්බන් වාසීන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටින ශ්‍රී ලංකා පපරේ වාදක කණ්ඩායම ද සහභාගී වනවා.

මේ නිසා තරගයේ සමාරම්භක දිනය විචිත්‍රවත් වනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.