Search

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

අනිල් භාරතී  ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයක්.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී , වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළා.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබුවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »