Search

මාර්ග අනතුරු නිසා මිය යන ඔස්ට්‍රේලියා ළමුන් ගැන අනාවරණයක්

පසුගිය වර්ෂයේ දී පමණක් ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ කුඩා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

AAMI නවතම දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ 2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේ දී මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අවුරුදු 7 ට අඩු ඔස්ට්‍රේලියානු ළමුන්ගේ සංඛ්‍යාව 54% කින් ඉහළ ගොස් තිබෙන බවයි.

මාර්ගවල අනතුරුදායක අන්දමින් රිය ධාවනය කිරීම මේ සදහා හේතුවී තිබෙන බවයි විශේෂඥයින්ගේ අදහස වී ඇත්තේ.

මෙම අධ්‍යයනය සදහා සහභාගී වූ රියදුරන් හතරෙන් එකක් පමණ අවධාරණය කර ඇත්තේ පාසැල් කලාපයන් හීදී තමන් වේගයෙන් රිය ධාවනය කරන බවයි.

එහිදී මාර්ග සංඥා වෙත ද මූලික අවධානයක් ලබා නොදෙන බවයි ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පාසැල් කලාප ආශ්‍රිතව රිය ධාවනය කළ රියදුරන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මාර්ගය දෙපස දරුවන් ගමන් නොකරන විට අධික වේගයෙන් සිය මෝටර් රථය පැදවූ බවට පිළිගෙන තිබෙනවා.

මීට අමතරව මෙම අධ්‍යයනය සදහා සම්බන්ධ වූ ඔස්ට්‍රේලියානු රියදුරන්ගෙන් 28% කට වැඩි පිරිසක් පාසල් කලාපවල දී රිය ධාවනය කළ යුතු වේග සීමාවන් සහ වේලාවන් පිළිබඳව ගැටළුකාරී අන්දමින් කටයුතු කර තිබෙන බව ද එහි වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »