
පවතින උෂ්ණාධික කාලගුණ තත්වය හමුවේ සෞඛ්‍ය අංශ උපදෙස් කිහිපයක් ලබාදී තිබෙනවා.
ඒ පිපාසය නොදැනුනත් හැකි තරම් ජලය පානය කරන ලෙසත් විශේෂයෙන් දවසේ උණුසුම් කාලගුණයන් වලදී වෙහෙසකර ක්‍රියාකාරකම් සහ ව්‍යයාම්වලින් වළකින ලෙසත් එළිමහනේදී සැහැල්ලු ලිහිල් ඇදුම් මෙන්ම තොප්පියක් පළදින ලෙසත් ය.
එමෙන්ම වායු සමීකරණ සහිත පරිසරයක නිරන්තරයෙන් රැදෙන ලෙසත් නවතා ඇති මෝටර් රථ තුළ ඉක්මනින් උෂ්ණත්වය ඉහළ යාහැකි බැවින් ළමුන්, වැඩිහිටියන් හෝ සුරතලුන් කිසිවිටකත් එ් තුළ නොතබන ලෙසත් ඔවුන් දන්වා සිටිනවා.

ඇග සිසිල් කිරීමට ස්නානය හෝ සිසිල් තෙතමනය සහිත රෙදි භාවිතා කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
ලබන සෙනසුරාදා තෙක් මෙම උණුසුම් තත්වය පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අගවන්නේ.

උණුසුම තාවකාලික විය හැකි වුවද, ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ඔවුන් පෙන්වා දෙනවා.