Search

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ACT , බටහිර ඔස්ට්‍රේලියා සහ  නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල 22 වන සදුදා සිට  ලබන 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එම කාල සීමාව බලාත්මක වනවා.

වේග සීමා ඉක්මවා යාම – රිය ධාවනයේදී දුරකථන භාවිතය – ආසන පටි නොපැළඳීම එම වරදවල් අතර වනවා.

ක්වින්ස්ලන්ඩ් හි වසරේ සෑම දිනකම ද්විත්ව අප්‍රසාද ළකුණු ක්‍රමය බලාත්මක වනවා.

ඔබ ක්වීන්ස්ලන්ඩ් රියදුරු බලපත්‍රලාභියෙකු නම් සහ ඔස්ට්‍රේලියාවේ ඕනෑම තැනක රථවාහන වරදක් සිදු කරන්නේ නම්, එම වරද ක්වීන්ස්ලන්ඩ් හි සිදු වූවාක් මෙන් demerit ලකුණු යෙදිය හැකි බව සදහන්.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ‍රලියා – නොදන් ටෙරිටරි සහ ටස්මේනියා ප්‍රාන්තවල කිසිදු ආකාරයකින් ද්විත්ව අප්‍රසාද ළකුණු ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »