Search

Tax මගහරින්න තරුණ ඔස්ට්‍රේලියානුවන්ගේ නවතම උපක්‍රමය

ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු බදු ඉතිරි කරගැනීම සඳහා සීමිත සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් තෝරාගැනීමට පෙළඹ තිබෙනවා.

Money.com.au වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

වසරකට ඩොලර් 93000 (අනූ තුන් දහසකට) වඩා උපයන පුද්ගලයන්ට සහ ඩොලර් එක්ලක්ෂ අසූ හය දහකට වැඩි ආදායමක් උපයන පවුල් වලට ඔස්ට්‍රේලියානු රජය විසින් මෙඩිකෙයා බද්දක් අයකරනු ලබනවා.

එය ඔවුන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණය ලබාගැනීම දිරිමත් කිරීමට අදහසින් කරන නමුත් විශේෂඥයන් අනතුරු අගවන්නේ සමහර පුද්ගලයන් අඩු වියදම් සහිත සීමිත රක්ෂණ ආවරණ තෝරාගැනීමට යොමු වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු තරුණයින් වැඩි පිරිසක් මෙයට පෙළඹී ඇති අතර එහෙත් සමීක්ෂකයින් පෙන්වාදෙන්නේ මෙඩිකෙයා බද්ද මගහැරීමට පහත් මට්ටමේ රක්ෂණ ප්‍රතිපත්ති තෝරාගැනීම මුලදී හොඳ අදහසක් ලෙස පෙනුනද යම් අනපේක්ෂිත විශාල සෞඛ්‍ය ගැටලුවකදී එහි ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

ක්‍රීඩා වලදී සිදුවන ශෛල්‍ය කර්මයන් වලට පවා මෙම ලාභදායී රක්ෂණවලින් ආවරණය නොකිරීමෙන් ඔබට පෞද්ගලිකව එම වියදම් දැරීමට සිදුවන බව ඔවුන් අවධාරණය කළා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »