Search

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවා සංවර්ධනයට ඔස්ට්‍රේලියාවෙන් සහය

commissioner

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීමට ඔස්ට්‍රෙලියාවේ අවධානය යොමු වී තිබෙනවා.

ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ වත්මන් තත්වය අවධාරණය කරමින් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් එච්.ඊ. පෝල් ස්ටීවන්ස් අවධාරණය කළ‍ෙ මගී හිතකාමී, සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක රටතුළ ස්ථාපිත කළ යුතු බවයි.

ශ්‍රී ලංකා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා ඔස්ට්‍රේලියා මහකොමසාරිස් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

එහිදී ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා නවීන තාක්ෂණය කඩිනමින් යෙදවීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් දුන් මහකොමසාරිස්වරයා මගී සහ රියදුරු ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දීමේ වැඩසටහන යටතේ මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළා.

ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැදගත්කම පෙන්වාදුන් ඔස්ට්‍රේලියා කොමසාරිස්වරයාට ශ්‍රී ලංකා අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීමට මේ වනවිටත් උපාය මාර්ග සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමටද ඔස්ට්‍රේලියාවේ සහය ලබාදෙන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිප්‍රාය කොමසාරිස්වරයා අවධාරණය කළා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »