Search

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි.

එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා.

එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන ගතවීම් අතර ලොව ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ ඇමරිකානු විදේශ ගමන් බලපත්‍ර වන අතර දෙවන ස්ථානය ඉතාලියද , තෙවන ස්ථානයට බ්‍රිතාන්‍යය ද නම් කර තිබෙනවා.

මේ අතර ප්‍රංශය සහ ස්පාඥඥ විදේශ ගමන් බලපත්‍ර ද සොරකම් කිරීම් සහ අස්ථාන ගතවීම් අතර ඉහළ ස්ථාන  පහ අතරට එක්වෙනවා.

මේ අතර විදේශ ගමන් බලපත්‍රය සැමවිටම ආරක්ෂාකාරිව තබා ගැනීම වැදගත් වන අතර විදේශයකදී විදෙස් ගමන් බලපත්‍රයක් අස්ථානගත වුවහොත් ළගම පොලිස් ස්ථානයට සහ තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය දැනුවත් කරන ලෙස උපදෙස් ලබා දෙනවා.

එසේම විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් තබා ගැනීමට ද ඉදිරි කටයුතු සදහා වැදගත් වනු ඇති.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »