
මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර තිබෙන දත්ත වාර්තාවට අනුව ජනවාරි මස 19 වනදා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 153,781 ක් බවයි දැක්වෙන්නේ.
අදාළ කාල සීමාව තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 6,155 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 07 වන ස්ථානයයි.
එම රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානය ඉන්දියාව වෙත හිමිව ඇති අතර ඉන්දීය සංචාරකයින් 27,166 දෙනෙකු ජනවාරි 19 වනදා වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබීම ද කැපී පෙනෙනවා.

රුසියානු සංචාරකයන් 22,033 ක් ද බ්‍රිතාන්‍ය සංචාරකයන් 12,917 ක් ද ජර්මානු සංචාරකයින් 9,713 ක් ද මෙම කාල සීමාවේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.