
මෙල්බන් හි කදු නැගීම (Hikes) සදහා සුදුසුම ස්ථාන පිළිබඳව නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.
ඒ Time Out සඟරාව විසින් බවයි දැක්වෙන්නේ.
කදු නගින්නන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන ලෙස සැලකෙන You Yangs Regional Park සහ Mornington Peninsula National Park ද ඊට ඇතුලත් ව තිබෙනවා.

ස්ටීවන්සන් (Steavenson) දිය ඇල්ල මෙන්ම Organ Pipes National Park ද මෙම ලැයිස්තුවට අන්තර්ගත ව තිබීම ද විශේෂත්වයක්.
මෙල්බන් හි කදු නැගීම සදහා සුදුසුම ස්ථාන අතරට Dandenong Ranges National Park සහ Lerderderg State Park ද නම් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඊට අමතරව Cathedral Range State Park, Macedon Ranges සහ Point Nepean National Park යන ස්ථාන ද ඒ සදහා ඇතුලත් ව තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.