
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තක්කාලි කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කළ විදේශීය ශාක වෛරසයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් පළමු වරට හදුනාගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව (Agriculture Victoria) විසින් ප්‍රකාශ කර ඇත්තේ Goulburn Valley හී පිහිටි හරිතාගාරයක් තුළ දී Tomato Brown Rugose Fruit වෛරසය හමුවී ඇති බවයි.
මෙම වෛරසය භෝගවලට පැතිරීම වළක්වා ගැනීම සදහා ප්‍රාන්ත බලධාරීන් විසින් මේ වනවිටත් අවශ්‍ය නිරෝධායන ක්‍රමවේදයන් සකස් කරමින් සිටින බවයි පැවසෙන්නේ.

මීට මාස 05 කට පෙර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශාලතම තක්කාලි වගාකරුවා ලෙස සැලකෙන Perfection Fresh ඇතුලු ගොවිපළවල් 03 කින් මෙම වෛරසය හදුනා ගෙන ඇතැයි වාර්තා වනවා.
අදාළ වෛරසයේ බලපෑමෙන් තක්කාලි, කැස්පියම් සහ මිරිස් ඇතුලු බෝග රැසක අස්වැන්න 70% කින් පමණ අඩු වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට දැනට මෙම වෛරසය පැතිරී ගොස් නොමැති බවට තමන් විශ්වාස කරන බවයි ප්‍රාන්ත ප්‍රධාන ශාක සෞඛ්‍ය නිලධාරී රෝසා ක්‍රොනොව් විසින් අවධාරණය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු සැකසුම් සහ තක්කාලි කවුන්සිලය විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්වය කළමනාකරණය කිරීම සදහා වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ගනු ලබන පියවර කෙරෙහි විශ්වාසයෙන් පසු වන බවයි.