Search

ඔස්ට්‍රේලියාවේ සුපිරි ධනවතුන් බිලියන ගණනින් මුදල් හම්බ කළේ මෙහෙමයි

ඔස්ට්‍රේලියානු බිලියනපතියන්ගේ මුදල් ඉපයීම් සම්බන්ධ තොරතුරු ඇතුලත් දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම අනාවරණය සිදු කර ඇත්තේ Oxfam හි “Takers Not Makers” වාර්තාවට විසින් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී ඔස්ට්‍රේලියානු බිලියනපතියන් 47 දෙනා විසින් සිය මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 28 කින් පමණ ඉහළ නංවා ගෙන තිබෙනවා.

ඔවුන් සෑම පැයකටම ඩොලර් 67,000 ක මුදලක් උපයන බවයි මෙම දත්ත වාර්තාව ඔස්සේ පෙන්වා දී ඇත්තේ.

මෙම බිලියනපතියන් 47 දෙනා පැයකට උපයන මුදල් ප්‍රමාණයේ සමස්ත එකතුව ඩොලර් මිලියන 3.2 ක් වන බවයි පැවසෙන්නේ.

Oxfam විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාව තුළ සිටින ධනවත්ම පුද්ගලයන් ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මෙම දත්ත හරහා වැඩිදුරටත් පෙන්නුම් කෙරෙන බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »