Search

Australia Day වික්ටෝරියාවේ සුපිරි වෙළද සැල් විවෘත වන වේලාවන් මෙන්න

ඔස්ට්‍රේලියා දිනයේ දී (Australia Day) වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි සුපිරි වෙළද සැල් සහ සේවා ස්ථාන විවෘතව පවතින වේලාවන් පිළිබඳව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

මෙවර ජනවාරි 26 වනදා යෙදී ඇත්තේ ඉරිදා දිනයක දී වන අතර එම නිසා ජනවාරි 27 සදුදා දිනය රජය නිවාඩු දිනයක් බවට පත් විය හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව බෝර්ක් වීදියේ සහ කොලින්ස් චතුරස්‍රය අවට පිහිටි Woolworths සුපිරි වෙළද සැල් හැර ප්‍රාන්තය පුරා පිහිටි Woolworths සුපිරි වෙළද සැල් එදිනට විවෘතව පවතින බවටයි වාර්තා වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි Coles වෙළද සැල් ඔස්ට්‍රේලියා දිනයේ දී විවෘත වන්නේ වෙනදාට සාපේක්ෂව වේලාවේ සුළු වෙනස්කමක් සහිතව බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රාන්තය තුළ පිහිටා ඇති ALDI සුපිරි වෙළද සැල් විශාල ප්‍රමාණයක් එදිනට ව්වෘතව පවතිනවා.

ඔස්ට්‍රේලියා දිනයේදී හා ඊට පසු දින Target, Kmart සහ BIG W යන වෙළද සැල් සාමාන්‍ය පරිදි විවෘතව පවතින අතර Westfield හි වෙළද කටයුතු සිදු කරන වේලාවන් කිහිපයක් වෙනස් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

මේ අතර Dan Murphy’s, BWS, Liquorland සහ Vintage Cellars යන මත් පැන් අලෙවි සැල් ද ඔස්ට්‍රේලියනු දිනයේ දී මෙන්ම ඊට පසු දින ද විවෘතව පවතිනවා.

කෙසේ වෙතත් නිවාඩු දිනයන් ආසන්න වනවිට මෙම සියලුම වෙළද සැල් සහ සේවා ස්ථාන සම්බන්ධ වෙබ් අඩවි වලට පිවිසෙමින් ඒ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු ලබාගන්න ලෙසටයි පාරිභෝගිකයන් වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »