
මෙල්බන් හි Mambourin හි ක්‍රීඩා පිටියක අද උදෑසම මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාව හදුනාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වු දෙදෙරු පියෙක් බවයි අනාවරණය වන්නේ.
මෙය මිනිමැරුමක් බවට පොලීසිට සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි අන්මෝරල් බජ්වා නැමැත්තෙක්.
ඊයේ රාත්‍රියේ නිවසින් පිටව ගිය ඔහු යළිත් නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිද විසින් 000 හදිසි ඇමතුම් අංක අමතා ඇති බව සඳහන්.

බජ්වා ඉන්දියානු සංක්‍රමණිකයෙකු වූ අතර වයස අවුරුදු හයක සහ තුනක කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.
සිද්ධිය සැලවීමත් සමග බජ්වාගේ බිරිද සදහන් කළේ
ඔහු සුන්දර පුද්ගලයෙකු බවත් කිසි විටෙකත් කිසිවෙකු සමඟ රණ්ඩු වී නොමැති බවයි.
බජ්වා අවසන් වරට මුණගැසුණා යැයි විශ්වාස කරන පුද්ගලයකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.