Search

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

වයස අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය අද (20) පැවැත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි.

ක්වාලාලම්පූර් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05 ක් පමණක් දැවී ලකුණු 166 ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා මනුදි නානායක්කාර ලකුණු 36 ක් ද දහමි සෙනෙත්මා ලකුණු 31 ක් ද රැස් කිරීමට සමත්කම් දැක්වූවා.

ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 පන්දු 04 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 85 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවතත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ චමෝදි පබෝදා ලකුණු 16 කට කඩුලු 03 ක් බිඳ හෙලූ අතර ලිමංසා තිලකරත්න සහ අසේනි තලගුණේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 81ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »