Search

ඔස්ට්‍රේලියාවේ බුදු දහම අදහන පිරිස් ගැන නවතම වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය අනුව ඔවුන් අදහන ආගම් පිළිබඳ නවතම වාර්තාවක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 20ක් කතෝලිකයින් වන අතර සියයට 10ක් ඇන්ග්ලිකන් දහම අදහන පිරිසට අයත්.

තවත් සියයට 14ක් ක්‍රිස්තියානි දහමේ විවිධ නිකායන් යටතේ තම විශ්වාසයන් අදහන් බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් සියයට 3ක් ඉස්ලාම් දහම සහ හින්දු දහම අදහන් බවයි වාර්තා වන්නේ.

බෞද්ධ දහම අදහන ඔස්ට්‍රේලියානු ජනගහනය සියයට 2ක් ලෙස වාර්තා වනවා.

තවද ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් ජීවත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් බුදුදහම අදහන පිරිස සියයට 48.7ක් බව සඳහන්.

වික්ටෝරියා හි සිටින ශ්‍රී ලාංකිකයින් අතුරින් සියයට 21.4ක් කතෝලික දහම අදහන් බව සඳහන්.