Search

ලොවම කළඹමින් ජනපති ට්‍රම්ප්ගේ පළමු නියෝගය

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම විශේෂ ජනාධිපති නියෝග කිහිපයකටම අත්සන් තබා තිබෙනවා.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ජනපති ට්‍රම්ප් ගත් පියවර ගැන මේ  වනවිට මතුව ඇත්තේ වි⁣ශාල කතාබහක්.

ජනපති ට්‍රම්ප් 2021 ජනවාරි 6 වන දින කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිත කෝලාහල සම්බන්ධයෙන් 1,600 පිරිසකට සමාවක් නිකුත් කර තිබෙනන⁣වා.

ඔහුගේ ජනාධිපති ධුරයේ පළමු නියෝග කිහිපයකට අත්සන් කරමින් “අමෙරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වේ” යනුවෙන් ඔහු සිය සමාරම්භක දේශනයේදී පවසා තිබෙනවා.

තමන් “සාමය ඇති කරන්නෙකු සහ එක්සත් කරන්නෙකු” බවයි ජනපති එහිදී පවසා ඇත්තේ.

ඔහුගේ විශේෂ ජනපති නියෝග යටතට, ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමත් ඇතුලත්.

කාගේත් කතාබහට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාවට අදාලවත් ඔහු විශේෂ නියෝගයකට අත්සන් තබා ඇතත්, එහි අන්තර්ගතය මාධ්‍යට ප්‍රසිද්ධ කර නැහැ.

ඔහු ජනපතිවරණයට පෙර ප්‍රකාශ කළේ තමන් ජනපති වී පළමු පැය 24 තුළ යුක්‍රේන යුද්ධය අවසන් කරන බවයි. මේ පිළිබඳ මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා තිබෙනවා.

එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් පත්ව තවමත් ගතව ඇත්තේ දින භාගයක් නිසා, ඉතිරි දින භාගය තුළ වැදගත් තීරණය ගනු ඇති බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »