Search

සුළි කුණාටු සමග ඔස්ට්‍රේලියා ප්‍රාන්තයක උෂ්ණත්වය වැඩිවෙයි

hot weather

සෙල්සියස් අංශක 49.5 ක ඉහළම උෂ්ණත්වයක් ඊයේ බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

මෙම ගිම්හාන සමයේ පර්ත් අගනගරයේ ගුවන් තොටුපළෙන් වාර්තා වූ උෂ්ණත්වය අංශක 44.7 ක් වන අතර නගරයේ උෂ්ණත්වය 43.6 ක් බවයි කාළගුණ විද්‍යාඥයින් පවසන්නේ.

ඊයේ ඇතිවූ නිවර්තන සුළු කුණාටුව සහ අධික සුලං මෙම බටහිර ඔස්ට්‍රේලියාව උණුසුම් කිරීමට බලපා ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

සති අන්තය පුරා දරුණු උණුසුම් තත්වයක් ඇති විය හැකි බවත් සෙනසුරාදා දින එය උපරිම තත්වයට පත්වනු ඇති බවත් ඔවුන් පවසනවා.

ක්වින්ස්ලන්ත වැසියන්ට අගහරුවාදා සිට ඉරිදා දක්වා දැඩි උණුසුම් තත්වයක් අපේක්ෂා කළ හැකි අතර බ්‍රිස්බේන් ඇතුළු ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවලටද දැඩි තාපයක් බලපානු ඇති බවයි කාළගුණ විද්‍යාඥයින් අනතුරු අගවන්නේ.

පර්ත් නගරය අද අංශක 38 ක් ද මෙල්බන් හා ඩාවින් නගර අද පස්වරුවේ අංශක 33 ක් ද සිඩ්නි හි උෂ්ණත්වය අංශක 27 ක් දක්වා ඉහළ යන නමුත් අද සිසිල්ම අගනගරය වන්නේ හෝබාර්ට නගරයයි. එහි උෂ්ණත්වය අංශක 26 යි.

ෂෝන් සුළි කුණාටුව මේ වනවිට පැයට කිලෝමීටර් 165 ක වේගයෙන් බටහිර වෙරළ දෙසට ගමන් කරමින් තිබෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »