Search

2025 ගතවූ දින කිහිපයට වික්ටෝරියා මාර්ගයේ අනතුරු ඉහළට

මෙල්බන්හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ රිය අනතරකින් මියගිය පුද්ගලයා තවමත් නිළ වශයෙන් හඳුනාගෙන නැතැයි පොලීසිය පවසනවා.

 රියදුරු Clegg Rd in Mount Evelyn (එව්ලින්) කන්දේ Clegg මාර්ගයේ ගමන් කරමින් සිටයදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

 අද අලුයම 3 යි 50 ට පමණ පමණ සිදුවූ මෙම අනතුරෙන් රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මෙල්බන් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 අනතුරට හේව තවමත් වාර්තා වී නොමැති අතර පරීක්ෂණ අඛන්ඩව සිදුවෙමින් පවතින බව ඔවුන් පවසනවා.

 අනතුර ඇසින් දුටු හෝ දර්ශන සහිත ඕනෑම අයෙකුට අපරාධ විමර්ෂණ අංශය දැනුවත් කරන ලෙසද පොලීසිය ඉල්ලීමක් කරනවා.

 වික්ටෝරියානු මාර්ගවල ජනවාරි මාසය තුළ සිදුවු 17 වන රිය අනතුර මෙය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »