Search

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

ඊයේ දිනට වාර්තා වූ ඔහුගේ ශුද්ධ ආදායම වන්නේ ඩොලර් බිලියන 433 ක්.

ෆෝබ්ස් සගරාව විසින් ඊයේ නිකුත් කර බිලියනපතියන් සම්බන්ධ වාර්තාවකට අනුවයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

කොටස් වෙළඳපොළ විවෘතව පවතින සෑම මිනිත්තු 5 කට වරක්ම පුද්ගලයන්ගේ පොදු කොටස්වල වටිනාකම යාවත්කාලීන වන බැවින් එමගින් බිලියනපතියන්ගේ ශුද්ධ වත්කම් ගණනය කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ.

ඇමසන්හි අධ්‍යක්ෂක ජෙෆ් බේසෝස් ලොව බිලියන පතියන්ගෙන් දෙවන ස්ථානය ගෙන ඇති අතර තෙවැන්න මාර්ක් සකර්බග්ට හිමිව තිබෙනවා

තවද විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්‍රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, වසර පහකට අඩු කාලයකදී ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

බිලියනපතියන් අභිබවා පළමු ට්‍රිලියනපතියන් මේ වන විටත් සිය ගමන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වත්මන් ප්‍රවණතා දිගටම පැවතුණහොත් ඉදිරි දශකය තුළ පුද්ගලයින් පස් දෙනෙකු අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 1 ක ධනයක් රැස් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.