
Surfing ඉගෙනීම සදහා වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින හොඳම වෙරළ තීරයන් පිළිබදව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
ඒ Time Out සඟරාව විසින් බවයි දැක්වෙන්නේ.
Point Leo හි පිහිටි Crunchie Point සහ පිලිප් දූපතේ පිහිටි Shelly වෙරළ තීරය ද එම ස්ථාන අතරට ඇතුළත් වී තිබීම ද විශේෂත්වයක්.

Surfing ඉගෙන ගැනීම සදහා ප්‍රාන්තය තුළ පවතින හොදම වෙරළ තීර ලෙස Torquay හි පිහිටි Jan Juc වෙරළ තීරය මෙන්ම Cosy Corner ද නම් කර තිබෙන බවයි සදහන් වන්නේ.
Angleesa හි පිහිටි ප්‍රධාන වෙරළ තීරය සහ පිලිප් දූපතේ පිහිටි ස්මිත්ස් වෙරළ තීරය ද මේ සදහා සගරාව විසින් ඇතුලත් කර තිබෙනවා.

මීට අමතරව Lorne හි පිහිටි Point Roadknight මෙන්ම Urbansurf ද Surfing ඉගෙන ගැනීම සදහා ප්‍රාන්තය තුළ පවතින හොදම වෙරළ තීරයන් අතරට නම් කර තිබෙන බවයි එහි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.