
ඔක්තෝබර් අවසානය වනවිට ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත රැසකට නැවත ගමන් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ක්වන්ටාස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පවසනවා.
මේ වනවිට ඊට අදාළ සැළසුම් සකස් කරමින් පවතින බවයි ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ඔහු කියාසිටියේ.
ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුළ ලබන 19 වනදා ආරම්භවීමට නියමිත අතර තවත් රටවල් සමග එවැනි ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරියා සඳහන් කලේ.
