Search

ෆෙඩරල් රජයෙන් නොමිලේ ලැබෙන වෘත්තීය පුහුණු ගැන විරෝධයක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජයේ නිදහස් TAFE පනත සම්බන්ධයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ෆෙඩරල් රජයේ මෙම නව ප්‍රතිපත්තිය හරහා වසරකට ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කෙරෙන අතර ගාස්තු ගෙවීමකින් තොරව නොමිලයේ අධ්‍යාපනය ලැබීම සදහා ස්ථාන 10,000 ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් සකස් කර තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

Master Builders Australia (MBA) හි ප්‍රධාන විධායක නිලධාරී ඩෙනිටා වෝන් විසින් අවධාරණය කර ඇත්තේ TAFE වැඩසටහන හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ පවතින සේවක හිඟයට විසදුම් සෙවිය නොහැකි බවයි.

ඒ හරහා ඉදිරියේ දී සෙසු වෘත්තීය පුහුණු වැඩසටහන් වෙත ද විශාල බලපෑමක් එල්ල කරන බවයි ඇයගේ අදහස වී ඇත්තේ.

මේ අතර යෝජිත මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙසට නිවාස කර්මාන්ත සංගමය විසින් කම්කරු පක්ෂයෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »